කාර්යය සහ සේවා
ප්‍රධාන කාර්ය
- 1971 අංක 52 දරන වෙළඳ නැව් පණතට අනුව නාවික කටයුතු පරිපාලනය කිරීම.
- 1972 අංක 10 දරන නැව් ඒජන්තවරුන්ට බලපත්‍ර දීමේ පනත ක්‍රියාත්මක කිරීම, නැව්බඩු ගෙනයන්නන් හෝ යාත්‍රා ක්‍රියාකරුවකු නොවන පොදු ප්‍රවාහකයන්ට, නැව් නියෝජිතයින්ට, බහාලුම් පර්යන්ත මෙහෙයුම්කරුවන්ට සහ බහාලුම් නැව් බඩු මධ්‍යස්ථාන මෙහෙයුම් කරුවන්ට වාර්ෂික බලත්‍ර නිකුත් කිරීම සහ අධීක්ෂණය කිරීම.
- ලංකාවේ මුහුදු තීරය තුල මුහුදු බත් යාත්‍රා සම්බන්ධව කටයුතු කිරීම.
- ජාත්‍යන්තර සමුද්‍රීය ප්රඥප්තිවලට අනුගතව ක්‍රියාත්මක වීම, ඒවාට අදාලව දේශීය නීති පද්ධති සකස් කිරීම.
- ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානයේ ශ්‍රී ලංකාවේ කේන්ද්රීයන් වශයෙන් ක්‍රියා කිරීම.
- ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් සකසන ලද සම්මුතීන් බලාත්මක කිරීම.
- වෙළඳ නාවික පාඨමාලාවන් අනුමත කිරීම, විගණනය කිරීම, ප්‍රවීණතා විභාග පැවැත්වීම, සහ නාවිකයන්ට ප්‍රවීණතා සහතික නිකුත් කිරීම.
- වාර්ෂිකව වෙළඳ නාවිකයන් පුහුණු කිරීමේ ආයතන අධීක්ෂණය සහ විගණනය කිරීම.
- නාවිකයින් ලියාපදිංචි කිරීම, නැව් සේවක ගිවිසුම බලාත්මක කිරීම සහ අවසන් කිරීම.
- ශ්‍රී ලංකා මුහුදු සීමාවේ යාත්‍රා කරන වෙළඳ නෞකාවල සහ ඒවායේ නාවිකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අවශ්‍ය කටයුතු කිරීම.
- නැව් මිලදී ගැනීමේ කටයුතු සඳහා නැව් හිමියන්ට පහසුකම් සැකසීම සහ ඔවුන්ගේ වෙළඳ නාවික කටයුතුවලට අදාල ගැටලු විසදීම.
- ලාංකික නාවිකයන්ට විදේශ ධජ සහිත නෞකාවල රැකියා අවස්ථා ප්‍රවර්ධනය සඳහා අනුග්‍රහ දැක්වීම.
- ශ්‍රී ලංකා ධජය යටතේ නැව් ලියාපදිංචි කිරීම සහ නිසි අධීක්ෂණයකින් පසු එම නෞකාවල නීත්‍යානුකූල තත්ව පරීක්ෂාව සහ සමුද්‍රීය යෝග්‍යතාවයට අදාල සහතික නිකුත් කිරීම.
- ශ්‍රී ලංකා ධජය යටතේ ඇති නෞකාවල ධජ රාජ්‍ය පාලන කටයතු අධීක්ෂණය.
- ලාංකික වරායන්ට පැමිණෙන විදේශ ධජ සහිත වෙළඳ නෞකාවන්ගේ වරාය රාජ්‍ය පාලනය.
- ශ්‍රී ලංකාවේ වෙරළ තීරයේ සිදුවන වෙළඳ නෞකාවල ආපදා විමර්ශනය හා වැළැක්වීම.
- 1983 අංක 40 දරණ අද්මිරාල්ති බලාත්මක ආඥාපනත යටතේ අද්මිරාල්ති අධිකරණයේ මාෂල්වරයාගේ රාජකාරී කටයුතු කිරීම.
- ශ්‍රී ලංකා ධජය සහිත නැව්වල සේවයේ නියුක්ත විදේශීය සහතිකලත් නාවිකයන්ට සුදුසුකම් පිළිගැනීමේ සහතික (Certificate of Recognition ) නිකුත් කිරීම.
- 1906 ලොන්ච් ආඥාපනත යටතේ එන්ජින් ක්‍රියාකරුවන්ට අශ්වබල සහතික නිකුත් කිරීම. (තාරබර ටොන් 50 ට අඩු කුඩා බෝට්ටු)
- නාවිකයින් සේවයේ යෙදවීම.
- නාවිකයින්ට අඛණ්ඩ මුදාහැරීමේ සහතික (CDC) නිකුත් කිරීම සහ ඒවා වලංගු කාලය දීර්ඝ කිරීම.
- නාවිකයින් සඳහා ප්‍රවීණතා සහතික නිකුත් කිරීම සහ වලංගු කාලය දීර්ඝ කිරීම.
- නාවිකයින් හා සම්බන්ධ ආරාවුල්වලදී බේරුම්කරුවකු වශයෙන් ක්‍රියා කිරීම.
- නැව් වල සමීක්ෂණ පැවැත්වීම.
හැඳින්වීම
දැක්ම
"සාමුද්‍රික විශිෂ්ඨතාව තුලින් ජගත් නාවුක කර්මාන්තයේ පිළිගැනීම"
මෙහෙවර
- රැකියා අවස්ථා වැඩි කිරීම උදෙසා උසස් තත්ත්වයේ වෘත්තීය නැවියන් බිහිකිරීම.
- ගුණාත්මක බව රකිමින් තරඟකාරී නැව් ලියාපදිංචියක් පවත්වාගෙන යාම.
- අදාළ වන සියලු ජාතික සහ ජාත්‍යන්තර සම්මුති සහ රෙගුලාසිවල විධිවිධාන ක්‍රියාත්මක කිරීම.
- අංශයේ නිලධාරීන්ගේ වෘත්තිමය දැනුම වර්ධනය කිරීම සහ යාවත්කාලීන කිරීම.
- ඉහල මට්ටමක කාර්යක්ෂමතාවයෙන් සහ විශ්වසනීයත්වයෙන් යුතුව නියාමන සහ සේවාභිමුඛ කාර්යයන් ඉටු කිරීම.
- සාමුද්‍රික ක්‍රියාකාරකම් හා සම්බන්ධ සෑම අංශයකම අඛණ්ඩ වර්ධනයක් ඇති කිරීම.
ප්‍රතිපත්තිය
දිගු කාලීනව,අඛණ්ඩ නිදහස් නාවික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම, වැඩි වැඩියෙන් වෙළඳ නාවික ක්ෂ්‍රේත්‍රයේ ව්‍යාපාරික කටයුතු ශ්‍රී ලංකාව වෙත ආකර්ෂණය කරවා ගැනිමට පූර්ව අවශ්‍යතාවක් ලෙස සැලකේ.
පරමාර්ථ
- පිරිසිඳු සාගර මත සුරක්ෂිත සහ කාර්යක්ෂම නැව් යාත්‍රා කරවීමට කැපවීම.
- මුහුදේ දී ජීවිතවල සහ දේපලවල ආරක්ෂාව සහතික කිරීම.
- මුහුදු යාත්‍රිකයන්ට විදේශීය සහ දේශීය නැව්වල රැකියා ලබාගත හැකිවන පරිදි ඔවුන්ට උසස් තත්ත්වයේ සමුද්‍රීය අධ්‍යාපනය, පුහුණුව සහ ප්‍රවීණතා ඇගයීමෙන් සහතික ලබාදීමට වගබලා ගැනීම.
- ශ්‍රී ලාංකික මුහුදු යාත්‍රිකයන් ජාත්‍යන්තර සමුද්‍රීය කර්මාන්තයට සරිලන තලයකට උසස් කිරීම.
- ශ්‍රී ලංකා ධජය යටතේ නැව් ලියාපදිංචිය ප්‍රවර්ධනය කිරීමට සමීක්ෂණ සහ පරීක්ෂණ මගින් ජාත්‍යන්තර වශයෙන් පිළිගැනෙන ප්රමිතීන් පවත්වා ගැනීම.
- ඉන්දීය සාගර කලාපීය “වරාය රාජ්‍ය පාලනය” පිළිබඳ අවබෝධතා ගිවිසුමට අනුකූලව ශ්‍රී ලංකාවේ වරායවලට බාල තත්ත්වයේ නැව් පැමිණීම වැළැක්වීම උදෙසා “වරාය රාජ්‍ය පාලන” සමීක්ෂණ පැවැත්වීම.
- අදාලවන ජාතික සහ ජාත්‍යන්තර සම්මුති සහ ප්‍රමිතිවල විධිවිධාන වලට අනුගතව ක්‍රියාත්මක වීම නියාමනය කිරීම.
- වෙළඳ නැව් ඒජන්තවරුන්ගේ ව්‍යාපාරික කටයුතු නීත්‍යානුකූලව,සාධාරණව,නැව් අයිතිකරුවන් සහ දේශීය පරාශවකරුවන් යන දෙපාර්ශවයේම අන්‍යෝන්‍ය උන්නතිය වෙනුවෙන් පවත්වාගෙන යාම සහ නියාමනය කිරීම.